මංමුලා වූ සමනළියක් - 01

ගොඩාක් දවස්වලට මේ හිත අස්සෙ හිර කරගෙන උන්නු පුංචි පුංචි කරුණු කාරණා මං එලියට දැම්මෙ ඔය රතු වුණු ඇස් වලට එබීගෙන. ඔය ඇස් රතු වුණේ මං හින්දා අඬලා නෙමෙයි කියලා මං දැනන් උන්නා. ඒත් මට කාත් කවුරුවත් නැහැයි කියලා හිත කියද්දි මට මගේ කියලා හිටියේ ඔයා විතරයි. ඒකට මං ගරු කරන්න ඕනි. මේ වනචර අධම මිනිස්සු ඉන්න සමාජයක මාව අවුරුදු තුනක්ම ඔහු රැක්කා. යන යන තැන ලඟින් තියාගෙන ඇහැක් වගේ බලාගත්තා. ඒත් ඔයා මං වෙනුවෙන් ඇඬුවේ නෑ. කඳුළු වලට වඩා ඔයා මට ගොඩාක් දේ දුන්නා.

ගොඩාක් උන් කරන්නෙ එහෙම නෙමෙයි. අඬලා අඬලා බොරුවට සත්‍ය ප්‍රේමවන්තයෙක් බව ඔප්පු කරන්න හදනවා. ඒත් ඔයා...

"මචං මේ ඔහොම අඬල නම් හරියන් නෑ... මේ බලපන් ඉස්සර උඹට මතකද? ඉස්කෝලෙදි මං ටීචර් ගෙන් ගුටි කෑවහම අඬනවා. උඹ හිනාවෙනවා. ඒ කාලෙ මට අඬන්න එපා කියපු උඹ අද අඬනවා. පිස්සු හැදෙයි..."

ඒ ඔහුගෙ හඬ... අවුරුදු 3ක් තිස්සෙ මං මේ ලෝකෙ අහන්නම කැමති හඬ. ඔහු ලඟ තිබුණෙ අපේ තාත්තලා දේශපාලනය කියලා කරපු දේශපාලනය නෙවෙයි. පාරෙ ඇක්සිඩෙන්ට් එකක් දැක්කම අපේ තාත්තලා අහක බලාගෙන ගියාට ඔහු තමන්ගේ වැඩේ පැත්තකට දාලා කොල්ලො ටිකත් එක්ක ඒ අසරණ මනුස්සයට උදව් කළා. එහෙම කරලා ඔහු හවසට මාවත් අරගෙන ලඟම තියෙන පන්සලට ගියා. එන ගමන් යාළුවොත් එක්ක එකතු වෙලා ගංජා උරනවා. මං තරහින් බලද්දි...

"ඔන්න ඉතින් බලපන්කො උඹට තරහා ගිහින්නෙ බං. ඔහොම ජීවත් වෙන්න බෑ හරිය?"

මං ඒ ඇස් දිහා බලාගෙන ඉන්නවා. ඒ ඇස් ඇතුලෙ අමුතු මානව හිතවාදීකමක් තිබුණා. මට මතක් උනේ ඔහු මාව පලවෙනියෙන්ම මෙහාට එක්කන් ආපු දවස.

"මචං මේක මගේ ගෙදර විතරක් නෙවෙයි. උඹෙත් ගෙදර. ඒ වගේම අපේ කොල්ලොන්ගෙත් ගෙදර. උන් මෙහෙ ඇවිත් ගංජා උරාවි. හැබැයි මචං උඹට උන් වචනයක්වත් කියන්නෙ නෑ." ඔහු කිව්වෙ ගොඩාක් විස්වාසෙන්. මාත් ඒ ඇස් ඒ තරමටම විස්වාස කළා. සත්තකින්ම...

"මෙන්න උඹේ ඇඳ. මෙච්චර කාලයක් මේක මගේ ඇඳ. මකුණො නෑ. ගඳ නෑ. අද ඉඳලා මේක උඹෙ විතරයි හරිය?"

"එතකොට ඔයා.? මං හරි අහිංසක විදිහට ඇහුවා.

"මං උඹ ලඟම බිම නිදාගන්නවා. බය වෙන්න එපා. මං ඉස්සර වගේමයි."

මං ඔහුට ලං වුණා. මට ඕනෙ වුණේ මේ පපුවක් තියෙන මනුස්සයගෙ උණුහුම විතරයි. ඒත් ඔහු මගේ හිස අතගෑවා විතරයි. ඒ ස්පර්ශය ඇතුලෙ ගොඩාක් ආදරේ තිබුණා. මං පැතුව චුම්බනය ඔහු පැතුවෙ නෑ. තවුස් දැහැන් පවා කැදෙන මඳ අඳුරෙ ඔහු පාරමිතාවක් පුරනවද කියලත් මට සැක හිතුණා.

"දැන් නිදාගන්න ඔයාට මහන්සිත් ඇති.